“150ක් සිටිය යුතු තැනට ඇමති සජිත් 4000ක් බඳවා ගෙන” හම්බන්තොට නිවාස අධිකාරියේ සේවක අතිරික්තය දුරදිග යයි

පසුගිය 2015, 2016, 2017 හා 2018 වසර වලදී හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස විසින් හම්බන්තොට දිස්ත්‍රීක් නිවාස සංවර්ධන අධිකාරී කාර්යාලයට බඳවා ගත් සේවකයන් පිරිස 4000ක් පමණ වන බව වාර්තා වේ.
ඒ සේවකයන් 150ක් පමණ අවශ්‍ය වන කාර්යාලයක් සඳහාය.
මෙලෙසට සේවක අතිරික්තයක් පවතින කාර්යාලයට ඒ සමයේ බඳවා ගත් සේවකයන්ට රැදී සිටීමට කාර්යාල හෝ ප්‍රමාණවත් නොවන අතර ඔවුන් උදෑසන රැකියාවට පැමිණ, සේවක පැමිණිමේ අත්සන් ලේඛනයේ අත්සන් කර නැවතත් නිවෙස් කරා යන බවත් වාර්තා වේ.
ඔවුන්ට වැටුප් ගෙවීමට නිවාස සංවර්ධන අධිකාරියට මහා භණ්ඩාගාරය විසින් විශාල මුදලක් වැය කරන බවත්, එම වැටුපට සාපේක්ෂව ඔවුන්ගෙන් සේවයක් සිදු නොවන බවත් බලධාරීන් පවසනවා.
ඔවුන් සියලූම දෙනා බදවා ගෙන ඇත්තේ මාස හයෙන් හයට අලුත් වන කොන්ත්‍රාත්තු පදනමට වන අතර, මෙම සේවක අතිරික්තයට විසඳුමක් ලෙස අවශ්‍ය සේවයක් සිදු නොවෙනා සේවකයන්ගේ කොන්ත්‍රාත්තු අලුත් නොකිරීමට පාලනාධිකාරිය තීරණය කර තිබෙන බවත් වාර්තා වේ.