BREAKING NEWSEXCLUSIVE

යුද්ධ හමුදාව සහ යුද හමුදා සේවා වනිතා ඒකකයේ දායකත්වයෙන් ඉදිකරනු ලබන සෞඛ්‍ය පහසුකම් වලින් සමන්විත ශ්‍රී ලංකාවේ වැඩිම ධාරිතාවයකින් යුක්ත නවීනතම රෝහල

කොවිඩ් – 19 ආසාදිතයින්ගේ ප්‍රයෝජනය සඳහා සීදූව ප්‍රදේශයේ Brandix Green Plant ආයතනයේ,

යුද්ධ හමුදාව සහ යුද හමුදා සේවා වනිතා ඒකකයේ දායකත්වයෙන් ඉදිකරනු ලබන සියලුම සෞඛ්‍ය පහසුකම් වලින් සමන්විත ශ්‍රී ලංකාවේ වැඩිම ධාරිතාවයකින් යුක්ත නවීනතම රෝහලේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට අවසන් වෙමින් පවතී.

මෙම රෝහල නවීනතම සෞඛ්‍ය පහසුකම් වලින් සමන්විත වන අතර, වෙනත් සායන කටයුතු වෙනුවෙන් ද භාවිතා කල හැකි වීම විශේෂත්වයකි. මෙම රෝහල ශ්‍රී ලංකා යුද හමුදාවේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් පැය 24 පුරා කඩිනමින් නිම වෙමින් පවතී.

අද දින(08) මෙම රෝහලේ සියලු ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සදහා කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියන්විත මධ්‍යස්ථාන ප්‍රධානී , ආරක්ෂක මාන්ඩලික ප්‍රධානී සහ යුද හමුදා පති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ ශ්‍රි ලංකා යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතනී ගරු සුජීවා නෙල්සන් මැතිනිය නිරීක්ෂණ චාරිකාවක නිරත වන ලදී. එහිදී එතුමන් මෙම රෝහලේ කටයුතු කඩිනමින් , ක්‍රමවත්ව සිදුකිරීමට උපදෙස් ලබා දෙන ලදී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button