BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

අවදානම් කණ්ඩායම් වලට අයත් නොවන කොරෝනා රෝගීන්ට අද සිට නිවෙස් තුළදී ප්‍රතිකාර

සංකූලතා නොමැති අවදානම් කාණ්ඩයට අයත් නොවන කොරෝනා ආසාදිතයින්ට නිවෙස් තුළ ප්‍රතිකාර කිරිම අද සිට ආරම්භ කෙරෙනවා.

ඒ අනුව අවුරුදු 2 ත් 65 ත් අතර සංකූලතා නොමැති රෝග ලක්‍ෂ පෙන්වන හෝ සුළු රෝග ලක්‍ෂණ පෙන්වන කොරෝනා ආසාදිතයින්ට වෛද්‍ය අධීක්‍ෂණය යටතේ නිවෙස් තුළදී ප්‍රතිකාර කෙරෙනු ඇති.

ඒ සදහා පැය 24 පුරා ක්‍රියාත්මක ක්‍ෂණික දුරකතන අංකයක්ද හදුන්වා දී තිබෙනවා.

13.90 අංකය ඇමතීමෙන් ඒ සදහා අවශ්‍ය තොරතුරු ලබාගත හැකි අතර ඒ හරහා රෝගීන් කළමණාකරණය කෙරෙනු ඇති.

දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යාම සහ රෝහල් ධාරිතාව ඉක්මයාම පාලනය කිරීම සදහා සෞඛ්‍ය බලධාරීන් විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button