BREAKING NEWSEXCLUSIVE

සෑම ග්‍රාමයකටම ගෘහ සුපිරි වෙළෙදසැලක්

ගෘහ සුපිරි වෙළෙදසැල් ජාලයක් සෑම ග්‍රාමසේවා වසමකම ස්ථාපනය කිරීමට තීරණය කර තිබේ
මේ සදහා සෑම ගමකින්ම එක් කාන්තාවක බැගින් තෝරාගෙන ඇයගේ නිවසේ කොටසක මෙම වෙළෙදසල ආරම්භ කිරිමට තීරණය කර තිබේ. අදාල නිවසේ කොටස අලුත්වැඩියා කිරිම හෝ නව ගොඩනැගිල්ලක් ඉදිකිරිමට පහසුකම් සැලසේ. ඒ සදහා අයවැයෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 15 දහසක්.
වෙළෙදසැලට අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සමුපකාර සමිති මගින් සැපයෙන අතර පරිගණක ජාලයක් ඔස්සේ සියලු ගෘහ සුපිරි වෙළෙදසල් සම්බන්ධ කෙරේ.
මෙම වැඩසටහන මගින් කාන්තා ව්‍යවසායකයන් 14 දහසක් බිහිකිරිම සදහා පාරිභෝගික කටයුතු සහ සමුපාකාර අමාත්‍යාංශය ඉදිරිපත් කල යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button