පුද්ගලික ඇරියස් වලට පාර්ලිමේන්තු කාලය වැය කළ රංජන් – හිරුණිකා ඉල්ලා අස්වෙන්න, එජාපයෙන්ම චෝදනාවක්

වටිනා පාර්ලිමේන්තු කාලය පුද්ගලික මඩ දේශපාලනය සඳහා භාවිතා කළ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සහ එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කිරීමට පෙර ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න සඳහන් කරනවා.
මේ ආකාරයේ අශිෂ්ඨ වැඩකටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සිදුනොවිය යුතු බවද මන්ත්‍රිවරයා පවසනවා.
ඇතිවී තිබෙන තත්වය මත කිසිදු පුද්ගලයකු දුරකථනයෙන් කතා කිරීමට පවා බිය වී සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. කැලෑ සතුන් මෙන් හැසිරීම නිසා සෙසු මන්ත්‍රීවරුන්ද හෑල්ලුවට ලක් වී ඇතැයිද ඔහු කියා සිටියේය.
රංජන් රාමනායක සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන එජාප මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ආන්දෝලනාත්මක තත්වය ගැන අදහස් පළ කරමින් ලක්ෂ්මන් විජේමාන්න මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.