BREAKING NEWSEXCLUSIVEPOLITICS
නාමයෝජනා ලබා නොදීමට තරම් වරදක් රන්ජන් කරලා නෑ – රන්ජන් වෙනුවෙන් හිරුණිකා පෙරට

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිවන සමගි ජනබලවේගයෙන් රන්ජන් රාමනායක මහතාට නාමයෝජනා ලැබිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.
ඇය සඳහන් කරන්නේ නාමයෝජනා ලබා නොදීමට තරම් වරදක් රාමනායක මහතා සිදු කර නොමැති බවයි.
විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට අද (26) එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ඇප හිමිවීමත් සමඟ ඉදිරියේදී ඒ මහතාගේ තවත් හඬපට පිටතට එනු ඇතැයිද එහිදී ඇය කියා සිටියා.