BREAKING NEWSEXCLUSIVE

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු හිජාස් හිස්බුල්ලාට ඇප

ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත්අඩංගුවට ගෙන සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා ඇප මත මුදාහැරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

අභියාචනාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන විනිසුරුවරුන් විසිනුයි එම දැනුම් දීම සිදුකලේ.

ඒ අනුව මෙම නියෝගය වහාම පුත්තලම සහ හලාවත අධිකරණයට යවන ලෙස උපදෙස් දී අතර එහිදී ඇප කොන්දේසි නියම කිරීමට නියමිතයි.

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා නීතිඥ හිජාස් ඉස්බුල්ලා 2020 වසරේ අප්‍රේල් මස 14 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගෙන මාස විස්සකට ආසන්න කාලයක් රදවාගෙන සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලාට ඇප ලබා දීම පුත්තලම මහාධිකරණය මීට දින කිහිපයකට පෙරද ප‍්‍රතික්ෂේප කර තිබුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button