BREAKING NEWSEXCLUSIVEPOLITICSVIRAL NEWS

ඉතිහාසය උඩු යටිකුරු කරමින් මත්ස්‍ය නිෂ්පාදනයෙන් මෙරටට 2021දී කෝටි 5700ක ආදායමක්..!

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ඉහළම මත්ස්‍ය අපනයනය ආදායම ඉපයූ වසර බවට පසුගිය 2021 වසර පත්ව තිබෙනවා.

පසුගිය වසරේ මුල් මාස 11 තුලදී පමනක් මත්ස්‍ය නිශ්පාදන අපනයනයෙන් උපයාගෙන ඇති ආදායම රුපියල් කෝටි 5,700 කි. මෙම කාලසීමාව තුළ මත්ස්‍ය නිශ්පාදන අපනයන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 24,229 ක් ලෙස වාර්තා වනවා.

පසුගිය වසරේ ඉස්සන් වගාවෙන් 180% ක අපනයන ආදායම් ප්‍රගතියක් වාර්තා කර ඇති අතර ටින් මාලු ආනයන වියදම 68% කින් පහළ වැටී තිබෙනවා.

2025 වර්ෂය වනවිට සපුරා ගතයුතු ඉලක්ක වෙනුවෙන් මෙම වසරේදීද ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන බව රජය ප්‍රකාශ කරනු ලබනවා.

2025 වනවිට ජාතික ද.දේ.නිශ්පාදිතය සඳහා අපනයන ක්ෂේත්‍රයේ දායකත්වය 2% සිට 4% දක්වා ඉහළ නැංවීම රජයේ අපේක්ෂාව බව ඔවුන් මුල සිටම ප්‍රකාශ කර සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button