සිවිල් පරිපාලන කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යංශය සහ විශ්‍රාමික හමුදා නිලදාරීන් යොදාගැනීම අනුමත කරන්න බෑ – ජිනීවා මහ කොමසාරිස් පවසයි

මානව හිමිකම් උල්ලංගනය කිරිම් පිළිබදව ඉදිරිපත්ව ඇති චෝදනා සම්බන්ධයෙන් ක්රීයාත්මක වීමට ශ්‍රී ලංකාව විසින් යෝජනා කර ඇති දේශිය යාතනත්්රණය ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් මිෂෙල් බැචලට් ප්‍රකාශ කළාය.
ඇය මේ බව ප්‍රකාශ කළේ කොමිසමේ 43 වන සැසිය අමතමින්.
මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව පිළිබදව සම්මත කරගත් 30 /1 ,34 /1 ,40 /1 යන යෝජනාවල සම අනුග්‍රාකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් වන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධ ඊයේ සැසිය අමතමින් නිල වශයෙන් ප්‍රකාශ කළේය. එසේම කවුන්සිලය යොජනා කර ඇති මානව හිමිකම් හා වගවීම පිළිබද කරුණු විමර්ශනය සඳහා දේශිය ක්‍රියාවලියක් යෝජනා කරන බව ද ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ මෙම ස්ථාවරය පිළිබද වාචිකව අදහස් දක්වු මහ කොමසාරිස්වරිය වැඩිදුරටත් සඳහන් කළේ දෙමල හා මුස්ලිම් සුලු ජාතින් පිළිබද සිදුකෙරන අපහාස්තමක ප්‍රකාශ හමුවේ ඔවුන් අසීරුතාවට පත්කර ඇති බව පෙනී යන බවයි එසේම මෑත කාලිනව ප්රවනතාවක් ලෙස සිවිල් පරිපාලන කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යංශය සහ විශ්‍රාමික හමුදා නිලදාරීන් යෙදවීමද කණගාටුවට කරුණක් බව ඇය ප්‍රකාශ කළා.