BREAKING NEWSEXCLUSIVE

කාබනික පොහොර නිෂ්පාදනය සදහා ඉහල සක්‍රීය දායකත්වයක්

කෘෂිකර්මාන්තය සදහා කාබනික පොහොර යොදා ගැනීමට ගත් තීරණයත් සමග කාබනික පොහොර නිෂ්පාදනය සදහා බොහෝ දෙනා සක්‍රීය දායකත්වය ලබා දෙමින් සිටිනවා. කාබනික පොහොර පමණක් යොදා ගනිමින් සිදුකළ වගාවන්ගෙන් වැඩි අස්වැන්නක් ලැබී ඇති බවයි ගොවි ජනතාව පවසන්නේ.

කාබනික පොහොර නිෂ්පාදනයට දායකත්වය ලබා දෙමින් පොහොර මෙට්‍රික් ටොන් තුන් දහස් හයසියයක ව්‍යාපෘතියක් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ආරම්භ කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු ආරම්භ කෙරුණා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාබනික පොහොර ව්‍යාපෘති 35 ක් ආරම්භ කිරීමට නියමිතයි. තිරප්පනේ ඇතුලු ප්‍ර දේශ කිහිපයක එම ව්‍යාපෘති සිදු කෙරෙන අතර එය නිරීක්ෂණයට අමාත්‍ය එස් එම් චන්ද්‍ර සේන මහතා එක් වුණා.

නාවලපිටිය ගලබොඩ වත්ත ප්‍ර දේශයේ තරුණයන් සිය දෙනෙකු සහභාගි කර ගනිමින් කාබනික මිරිස් වගාව ආරම්භ කිරීමේ ව්‍යාපෘතිය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. එක් තරුණයෙකු සදහා පර්චස් තිහක ඉඩම් කොටස් මිරිස් වගාව සදහා ලබාදීමේ ගිවිසුම් පත්‍රද අමාත්‍යවරයා අතින් ප්‍රදානය කෙරුණා. එම වතුයායේ සිදුකරන කාබනික පොහොර නිෂ්පාදන ස්ථානයද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button