BREAKING NEWSEXCLUSIVE

හෘදයාබාධයක් හේතුවෙන් ජනපති අපේක්ෂක මහේෂ් සේනානායක රෝහල් ගතකරයි

අද පෙරවරුවේ ඇතිවූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ජනපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා කොළඹ ජාතික රෝහළට ඇතුලත් කර තිබේ.

මේ වනවිට ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය නීරික්ෂණය කිරීමටත්, අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමටත් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් කටයුතු කරමින් සිටියි.

වාර්තා වන අන්දමට මහේෂ් සේනානායක මහතාට සිංගප්පූරූවේ මවුන්ට් එළිසබෙත් රෝහළට ඇතුලත් කර ප්‍රථිකාර ලබා දීමට කටයුතු කරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රාජිත සේනාරත්න මහතා දැනුවත් කර තිබේ.

මේ අනුව අද පස්වරුව වනවිට ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින්, වෛද්‍යවරු කණ්ඩායමක්ද සමග මහේෂ් සේනානායක මහතා සිංගප්පූරුවට ගෙන ගොස් ප්‍රථිකාර ලබා දීමට සියල්ල සුදානම් කර තිබෙනා බව වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button