BREAKING NEWSEXCLUSIVE

සෞඛ්‍ය වර්ජනය දෙවන දිනටත්….

වැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය විද්වතුන්ගේ සංගමය ක්‍රියාත්මක කර ඇති වර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වනවා.

හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් සෞඛ්‍ය වෘත්තීය සමිති 18 ක සාමාජිකයින් කොළඹට කැඳවා විරෝධතාවක නිරත වන බවයි එම සංගමය පැවසුවේ.

ඊයේ පෙරවරුවේ ආරම්භ කල මෙම වර්ජනය 100%ක් සාර්ථක වූ බව හෙද නිළධාරීන්ගේ සංගමය කියා සිටිනවා.

මේ අතර කොවිඩ් වසංගතයට අමතරව ඩෙංගු සහ වයිරස් උණ රෝගයක් ද පැතිර යන මේ අවස්ථාවේ සෞඛ්‍ය සේවකයක් වැඩවර්ජනයක නිරත වීම දැඩි අමානුෂික ක්‍රියාවක් වන අතර ඔවුන්ගේ ඉල්ලීම් ලබාගැනීමට තමන් බිල්ලට ගැනීම අසාධාරණ බවයි රෝගීන් පවසන්නේ.

මෙම වර්ජනය හේතුවෙන් අද දිනයේද ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් වෙත පැමිණි රෝගීන්ට හිස් අතින් ආපසු යාමට සිදුව තිබෙනවා.

කෙසේවෙතත් මෙම වර්ජනයට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහය පළ කර නැහැ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button