BREAKING NEWSEXCLUSIVE

සෞඛ්‍ය වෘත්තිකයින් අද යළි වැඩවර්ජනයක!

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ලෙස වෘත්තීය සමිති 18ක සෞඛ්‍ය වෘත්තිකයන් 60,000ක් අද උදේ 07.00ට දිවයින පුරා වැඩවර්ජනයක් ආරම්භ කිරීමට නියමිතය.

මධ්‍යම ලේ බැංකුව ඇතුළුව තවත් ප්‍රධාන රෝහල් 10ක වර්ජනය ක්‍රියාත්මක නොවන අතර කොවිඩ් ප්‍රතිකාර සිදුකරන රෝහල්වලත් වර්ජනය කර ස්වෙච්ජාවෙන් සේවය ලබා දෙන බවයි වැඩවර්ජනය ගැන අදහස් දක්වමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය වෙනුවෙන් සමන් රත්නප්‍රිය මහතා පැවසුවේ.

පසුගිය නොවැම්බර් 09 දා සිට අවස්ථා කිහිපයකදී වැඩවර්ජන,උද්ඝෝෂණ ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාමර්ග ගනිමින් සිය ඉල්ලීම් සෞඛ්‍ය බලධාරීන් ඇතුළු රජයට පෙන්වාදුන් නමුත් බලධාරීන් නෑසෙන,නොපෙනෙන අයුරින් කටයුතු කරමින් සිටින බවයි රත්නප්‍රිය මහතා කියාසිටියේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button