BREAKING NEWSEXCLUSIVE

වෙසක් උත්සව සංවිධානය කිරීමෙන් වළකින්න සෞඛ්‍ය අංශ දැනුම් දෙයි

දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් හඳුනාගන්නා කොරෝනා වෛරස් ආසාදිතයින් ප්‍රමානය ඉහළ යෑමත් සමග වෙසක්සමයේ උත්සවවලට සහ දන්සැල් සංවිධාන කිරීම්වලට දැඩි සීමා පනවන්නැයි සෞඛ්‍ය අංශවලින් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

අතරම, කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය, වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පෙන්වා දෙන්නේ එළඹෙන මාසය තුළ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් තදින්ම ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය කරණක් බවය. වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමිය,

එළඹෙන මාසය තුළ ඉතාමත්ම තදින්ම නීතිය ක්‍රියාත්මක කරන්න කියන උපදෙස පොලිස්පතිතුමාට දෙන්න කියනඅපි කියා සිටියා. සංචරණය යම්කිසි ආකාරයකට සීමා කරලා ඒකරාශී වන උත්සව ටික නවත්වන්න කටයුතු කිරීමවැදගත්. ඊයේ දිනයේදී වෙසක් සහ දන්සැල් කලාප සංවිධානය කිරීමෙන් වළකින්න කියලා ඉල්ලීමක් යෝජනා වුණා. වෙසක් කාලයේදී ජනතාව විශාල වශයෙන් ආගමික සිද්ධස්ථානවලට යනවා. වගේම දන්සැල් සඳහා සූදානමක්තිබෙන බව පේන්න තියෙනවා. සියලුම කටයුතු මේ මාසය තුළ තාවකාලිකව නවත්වන්න කියලා යෝජනා වුණා. ඒක ඉතාමත්ව වැදගත් වෙනවා.”යනුවෙන් ප්‍රකාශ කර සිටියා.

ගෙවී ගිය දින කිහිපය තුල කුලියාපිටිය, දිවුලපිටිය, යාපනය සහ ගම්පහ ප්‍රදේශවල රෝගීන් පොකුරු වශයෙන් වාර්තාවන වූ බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාපවසා සිටි අතරම, රෝගීන් සංඛ්‍යාව වැඩි වුවහොත් PCR පරීක්ෂණ ප්‍රමාණය 15,000 ක් දක්වා වැඩිකිරීමටතීරණයකර ඇති බව. මහතා වැඩිදුරටත් පවසා සිටියා.

විදේශගතව සිට පැමිණෙන පිරිස් දින 7කින් පසු  PCR පරීක්ෂණයකින් ආසාදිත නොවන බවට වාර්තා වන්නේ නම් ඉතිරි දින 7 නිවසේදී නිරෝධායනය විය හැකි බවත්, පවතින තත්ත්වය මත උත්සව, ක්‍රීඩා කිරීම් හරහා පොකුරු ඇතිවීමේ සම්භාවිතාව වැඩිවිය හැකි බැවින් ඒවා නවතාදැමීමට කටයුතු කළ යුතු බවද මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔහු සඳහන් කරා. කෙටි නිවාඩු සඳහා ශ්‍රීලංකාවට පැමිණෙන අය එසේ පැමිණීම ගැන යළි සලකාබැලිය යුතු බවද එයට හේතුව ඔවුන් ලංකාවට පැමිණීමේදීනිරෝධායනයටත් ලක්වී තවත් කෙටි කලක් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට සිදුවන බවද ඔහු වැඩි වශයෙන් සඳහන්කරසිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button