BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWSWEST

කොවිඩ් අස්සේ අනියම් ඇසුරකට ගිය සෞඛ්‍ය බලදාරී මැට් හැන්කොක්ට ඉවත් වන ලෙසට බලපෑම්

බ්‍රිතාන්‍යය තුළ කොවිඩ් ව්‍යාප්තිය පාලනයට පනවා ඇති සමාජ දුරස්ථ පියවර කඩ කරමින් කටයුතු කිරීම හේතුවෙන් එරට සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් හට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලපෑම් එල්ලවීමට ද පටන්ගෙන තිබේ.

ඉකුත් මැයි 6 වැනිදා ඔහු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තුළ සිය සහායිකාවක් සිපගන්නා ආකාරය බ්‍රිතාන්‍යයේ සන් මාධ්‍ය ජාලය වාර්තා කලා.

විශ්වවිද්‍යාල මිතුරියක් ද වන සිය සහායිකාව සමග සෞඛ්‍ය ලේකම්වරයා සමීප ඇසුරක් පවත්වන බවත් ඔවුන් දෙදෙනාම විවාහක පුද්ගලයින් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම සිදුවීම සම්බන්ධයෙන් මැට් හැන්කොක් සමාව ඉල්ලා ඇති අතර අගමැති බොරිස් ජොන්සන් එය පිළිගෙන ඇති බව සඳහන්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button