BREAKING NEWSPOLITICS

රෝහල්ගත වූ හරීන් අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට

පාස්කු ප්‍රහාරයට අදාලව සිදුකරන පරීක්ෂණයකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා සමගි ජන බලගවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු අද (23) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීමට නියමිතයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර ද හරීන් ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශ ලබාගෙන තිබුණා.

කෙසේවෙතත්, හරීන් ප්‍රනාන්දු මහතා කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමක් ඊයේ පෙරවරුවේ එම රෝහල වෙත පැමිණ මෙම දැනුම් දීම සිදුකළ බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසුමක දී ඒ මහතා පැවසුවේ තමන් රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත ව සිටින බවත්, වෛද්‍ය උපදෙස් අනුව ඉදිරි දිනක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගොස් අදාල ප්‍රකාශය ලබා දෙන බවයි.

මේ අතර රෝහල්ගතව සිටින හරීන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් බැලීම සඳහා සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මනුෂ නානායක්කාර මහතා කොළඹ පෞද්ගලික රෝහල වෙත ගොස් තිබුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button