BREAKING NEWSEXCLUSIVE
හරීන් ආණ්ඩුවට අනතුරු අඟවයි..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිඑක් වන සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකළහොත් පළමු කැබිනට් හමුවෙන්ම ආණ්ඩුවෙන් ඉවත්වන බව ඉඩම් සහ සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා කොළඹ දී අද (23) ප්‍රකාශ කළේය.
21 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සියලු දෙනා සහය ලබා දෙනු ඇතැයි අපේකෂා කරන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
අද සිය අමාත්‍යංශයේ වැඩකටයුතු භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ රට ස්ථාවරත්වයට පත්වීමට 21 වන ව්‍යවස්ථාව අත්‍යවශ්‍ය සාධකයක් බවයි.
රට ආර්ථික සහ දේශපාලන වශයෙන් අර්බුදයට පත්ව ඇති අවස්ථාවක පක්ෂ පාට භේදයකින් තොරව රට ගොඩගැනීමේ අරමුණින් අමාත්‍යධූර භාර ගත් බවද හරීන් ප්‍රනාන්දු මහතා මෙහිදී සදහන් කළා.