BREAKING NEWSEXCLUSIVE
ආණ්ඩුවට එක්වූ සජබ මන්ත්‍රීවරුන් ට විනය ක්‍රියාමාර්ග…

ආණ්ඩුවට එක්වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව එම පක්ෂය විසින් විනයානුකූල පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.
අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
ආණ්ඩුවට එක්වීම සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය නොවන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් කියා සිටියා..
“අපි තීරණයක් ගත්තා ආණ්ඩුවට එක්කහු වෙන්නේ නැතිව විපක්ෂයේ ඉඳලා ධනාත්මක ප්‍රතිචාරයක් දෙන්න. ඒක අපේ පක්ෂ නායකතුමා දැනටමත් ලිඛිතව, අවශ්‍ය ආකාරයට උදව කිරීමට ඉස්පිරිතාලවලට උදව් දෙන්න, අවශ්‍ය බෙහෙත් ලබාදෙන්න පොරොන්දුවෙලා තියෙනවා. හැබැයි මේ අස්වෙච්ච අයට මම කියන්න කැමතියි, විපක්ෂ නායකතුමාගේ අවසරය ඇතිව ඒ අයට විරුද්ධව විනයානුකූල පියවර ගන්නවයි කියන එක මේ අවස්ථාවේදී මතක් කරනවා.”