BREAKING NEWSEXCLUSIVE

මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරාය පරිශ්‍රයේ ප්‍රථම බන්ධිත ගබඩා සංකීර්ණයේ වැඩ අරඹයි..

හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරාය පරිශ්‍රයේ ප්‍රථම බන්ධිත ගබඩා සංකීර්ණය වන හම්බන්තොට ලොජිස්ටික් ජාත්‍යන්තර සේවා සැපයුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුණා.

මෙම ලොජිස්ටික් ජාත්‍යන්තර සේවා සැපයුම් සංකීර්ණය හෙක්ටයාර එකක භූමි ප්‍රදේශයක් පුරා විහිදී ඇති අතර අග්‍රාමාත්‍යවරයා මෙම ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වුනා.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය විසින් ලුණුගම්වෙහෙර ගම්මානය “බලාපොරොත්තුවේ ගම්මානය” ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාළ සන්නස් පත්‍රය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා හා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයෙහි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ මහතා අතර හුවමාරු කරගැනීම ද මීට සමගාමීව සිදුකෙරුණා.

අමාත්‍යවරු වන චමල් රාජපක්ෂ, ජී.එල්. පීරිස්, නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ, දකුණු පළාත් සභා සභාපති සෝමවංශ කෝදාගොඩ, වරාය හා නාවික අමාත්‍යාංශ ලේකම් යූ.ඩී.සී. ජයලාල්, වරාය අධිකාරියේ සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොළ, කලම්බු ලොජිස්ටික් සමූහයේ සභාපති එරික් අම්බලංගොඩගේ යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button