BREAKING NEWSEDITOR'S COLUMNEXCLUSIVEGOSSIP NEWSOFF ROADVIRAL NEWS

ශ්‍රී ලංකා ඉතිහාසයේ අමානුෂීයම දේව භාරය – ඇතින්නියන් හතක් ඝාතනය පසුපස ඇමති සජිත් ?

හබරණ, හිරිවඩුන්න, තුම්බිකුලම රක්ෂිතයේ අභිරහස් ලෙස ඇතින්නියන් හත් දෙනෙකු වස දී ඝාතනය කර තිබීම සමාජයේ දැඩි ආන්දෝලනයකට ලක්ව තිබේ.

ගතවූ දින දෙක තුලදී තුම්බිකුලම රක්‍ෂිතයේ තිබී මියගිය ඇතින්නියන් හත් දෙනෙකුගේ මළසිරුරු සොයා ගැණුනු අතර එම ඇතින්නියන් හත් දෙනාම එකම පිරිසක් විසින් එකම දිනයක් තුල වස දී ඝාතනය කර තිබෙන බව හෙළිව තිබේ.

මෙම ඇතින්නියන් ඝාතනයට කිසිඳු පිළිගත හේතුවක් මේ වනවිටත් සොයා ගැනීමට නොහැකිව තිබේ. සාමාන්‍යයෙන් අලි පැටවුන් ජාවාරම්කරුවන් විසින් අලි පැටවුන් පැහැර ගැනීමේදි මවු ඇතින්නන් විසින් බාධා කළහොත් වෙඩි තබා මවු ඇතින්නන් හා අලින් ඝාතනය කරනු ලබයි.

මෙහිදී ඇතින්නන් පමණක් ඝාතනය කර තිබීමත්, මිය යාමට කල් ගතවන වස දීම මගින් ඇතින්නන් ඝාතනය කර තිබීමත්, පැටවුන් නොමැති ගර්භණී ඇතින්නියන්ද ඝාතනය කර තිබීමත්, කිසිඳු පැටවකු පැහැර ගෙන නොමැති නිසාත් මෙය අලි පැටවුන් ජාවාරම්කරුවන් විසින් සිදු කළ ක්‍රියාවක් නොවන බව පැහැදිලිය.

එවැනි පසුබිමක මෙම ජාතික අපරාධය එලබෙන ජනපතිවරණයේ ජයග්‍රහණය උදෙසා රාජ්‍ය බලය සහිත ජනපතිවරණ අපේක්ෂකයෙකු විසින් දේවාල කපුවෙකුගේ උපදෙස් මත සිදු කළ අපරාධයක් බවට චෝදනා එල්ල වෙමින් තිබේ.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් වූයේ පසුගිය බදාදා ය. බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවලම මෙම අමානුෂීය ඝාතනය සිදුව තිබීමද විශේෂත්වයකි.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඇත් දළ ජාවාරමට සම්බන්ධ යැයිද චෝදනා ලැබූ පුද්ගලයෙක් වන අතර ඔහු දේශපාලනය සඳහා සිය පියා නායකත්වය දුන් කොළඹ අතහැර හම්බන්තොට දිස්ත්‍රික්කය තෝරා ගත්තේද ඔහු කුඩා කල පටන් අලි ඇතුන් නැරඹීමට හම්බන්තොට දිස්ත්‍රික්කයේ කාලය ගත කළ බැවිනි.

මේ අතර මෙම ඇතින්නියන් හත් දෙනාගේ ඝාතනය පිළිබඳ වගකීම රජය භාර ගන්නා බව සංචාරක, වනජීවි හා කි‍්‍රස්තියානි කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් අලූවිහාරේ විසින් මාධ්‍යයට ප්‍රකාශ කිරීමද විශේෂත්වයකි.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ පියා වන රණසිංහ ප්‍රේමදාස හිටපු ජනපතිවරයාද එකළ මෙවැනිම අපූරු භාරයක් වූ අතර එනම් කන්‍යාවන් හත් දෙනෙකු විසින් කිරි කල හතකින් නැවිමයි. ඉන්දියානු ජ්‍යෝතිෂ්‍යවේදියෙකුගේ උපදෙස් මත රණසිංහ ප්‍රේමදාස මහතා මෙම භාරය වී තිබුණි.

මෙම අමානුෂික ක්‍රියාව කවුරුන් විසින් සිදු කළද මෙවැනි ක්‍රියා මගින් ජනපතිවරණයක් ජය ගත හැකි යැයි විස්වාස කරනවා නම් එය විශාල මිත්‍යාවකි. සැබැවින්ම අහස පොළව පවා කම්පා වන මෙවැනි අපරාධ මගින් සිදුවන්නේ එම අපරාධයන්ට සම්බන්ධ සියලූම දෙනාට ස්වභාවධර්මයේ ශාපයට ලක්වීමට සිදුවීම පමණක් බව අවසානයේ සටහන් කරමු.

Related Articles

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button