BREAKING NEWSEXCLUSIVE

ගුරුකන්ද විහාරයේ CCTV කැමරා පද්ධතිය ගලවා දමයි – මුලතිවු පොලීසියේම වැඩක්

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ ආරක්ෂාවට සවිකරණ ලද සීසීටීවී කැමරා පද්ධතිය 15 දා මුලතිව් පොලීසියේ නිලධාරීන් විසින් ගලවා ඉවත් කොට තිබෙන බව වාර්තා වේ.

මේ විහාරස්ථානයේ අළුතින් විහාරාධිපති ධූරයට පත්වූ මිහිදුපුර රතනදේවකිත්ති හිමියෝ නිතරම විහාරස්ථානයේ නොසිටින නිසා විහාරස්ථානයේ ආරක්ෂාවට මේ කැමරා පද්ධතිය සවි කිරීමට තීරණය කොට ඇත.

ඒ අනුව අදාල සමාගමකට ඒ බව දන්වා සිසීටීවී කැමරා පද්ධතියක් විහාරස්ථානයේ සවි කරණ මෙන් මුදල් ගෙවා විහාරස්ථානයේ බාරකරුට ඔවුන්ට සහය වන මෙන් දැණුම් දී තිබේ.

එම අවස්ථාවේදි මුලතිව් පොලීසියේ පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ එලෙස කැමරා සවිකළ නොහැකි බවට පවසා කැමරා ගලවා දමන ලෙසට නියෝග කළ බව විහාරස්ථානයේ බාරකරු කැලුම් බංඩාර පවසනවා..

“දෙමළ ජාතික සන්ධාන‍ය ඇතුළු පිරිසක් අපේ පන්සලේ කෝවිලක් තිබෙනවා කියලා විවිධ බලපෑම් කරනවා. පන්සලට නිතරම කරදර කරනවා. හාමුදුරුවෝ නිතරම පන්සලේ නැති නිසා ආරක්ෂාවට තමයි මේ කැමරා සවි කරන්න සූදානම් වුණේ ඒකට පොලීසිය ඉඩ දුන්නේ නැහැ. ගලවලා එව්වා අයින් කළා.”

මුලතිව් පොලීසියෙන් මේ පිළිබදව විමසූ විට එහි නිලධාරියෙකු කියා සිටියේ අධිකරණයේ නියෝග වලට අනුව මේ ස්ථාන දෙකෙහිම ආගමික කටයුතු හැර වෙනත් කිසිම ඉදිකිරීමේ කටයුත්තක් හෝ සවි කිරීමක් සදහා අවසර ලබා දිය නොහැකි නිසා එම කැමරා පද්ධතිය ඉවත් කිරීමට සිදු වු බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button