ARTICLESSOCIAL MEDIA PICKS

“මහා පාවාදීමක්” – රංජා හිරේ යන්න පාර කැපුණු හැටි!

රන්ජා ඇතුලේ, චොකා එලියේ… කවුද කෑවේ?

රන්ජන් රාමනායකට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුව හා ඔහුගේ මන්ත්රීධූරය අහෝසි වීම ඉතා කනගාටුදායක සිද්ධීන් දෙකකි. එහෙත් ඊට වඩා කනගාටුදායක (පාදඩ) වන්නේ ඔහු එම තත්ත්වයට පත්කළ පහත්, තුච්ඡ ක්රියාදාමයයි.

අධිකරණයට බලපෑම් කිරීම

එවකට පැවති යහපාලන රජය රන්ජන් රාමනායක පාවිච්චි කලේ අධිකරණය හා රජය අතර පණිවිඩ කරුවෙකු ලෙසයි. රජය විසින් අධිකරණයෙන් බලාපොරොත්තු වන තීන්දු තීරණ රන්ජන් රාමනායක හරහා දැන්වීමත් ඒ සඳහා අනුගතවන අයගේ අවශ්යතා රජයට දැන්වීමත් ඔහුගෙන් සිදු විය.

කට වරද්දා ගැනීම හා හඬපට

රන්ජන් ගේ ප්රධාන දුර්වලතාව කටට එන දේ පැවසීමයි. රජයේ පණිවිඩ කරුවෙකු ලෙස ඔහු ලබා ගත් අත්දැකීම් එක්තරා අවස්ථාවකදී ඔහුගේ මුවින් පිටවිය. එය පිටවූ වහාම ඔහු හරහා පණිවිඩ යැවූ සියලු දෙනා කලබල විය. ඒ සඳහා අධිකරණයට අපහාස කීරීමේ චෝදනාව යටතේ නඩුවක් ද ගොනුවිය. එහෙත් එවකට පැවති රජය විසින් එය යටපත් කර දැමීමට කල් මැරීමේ ක්රියා පිළිවෙතක් අනුගමනය කලේ ටික කලකින් එය අමතක වූ පසු නඩුව ඉවත්කරන බවට රන්ජන් ට පොරොන්දු වෙමිනි.

රන්ජන් ගේ හඬපට කරලියට පැමිණෙන්නේ ඉන්පසුවයි. හඬපට සමඟ හෙළිවූ කරුණු කාරණා නිසා නඩුවේ තත්ත්වය තවත් සංකිර්ණ විය. ඒ සමඟම ඔහු සමඟ සම්බන්ධකම් පැවැත්වූ සියලු දෙනා ඔහුගෙන් ඈත්විය. නඩුව සම්බන්ධයෙන් වගකීමට කෙනෙක් නැති විය.

ආණ්ඩු පෙරළිය හා ලණු දීම

2019 ආණ්ඩු පෙරළිය සමඟ නඩුව කල් ඇදීමේ වැඩපිළිවෙළ කඩාකප්පල් විය. කලබල වූ රන්ජන් ඔහු සතු සියයකට අධික සාක්ෂි අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට සැරසින. එහෙත් ඔහුගේ දේශපාලන සගයන් එයට එරෙහි විය. ඔවුන් පැවසුවේ එසේ කිරීම අනවශ්ය බවත්, රන්ජන් වෙනුවෙන් විශේෂ නීතීඥ මණ්ඩලයකින් උපදෙස් ගෙන, එම උපදෙස් අනුව කටයුතු කරමින් මාස 6 ක පමණ සිර දඬුවමකට යටත් වන ලෙස තීන්දුව ලිහිල් කර ගැනීමට කටයුතු කරන බවත්ය. එය විශ්වාස කල රන්ජන් තම දෛවය ඔවුන් අත තබමින් එම උපදෙස් මත කටයුතු කරන ලදී. එහෙත් ඔවුන්ගේ සැබෑ අරමුණ වූයේ එම හඬපට හරහා ඔවුන්ට සිදුවිය හැකි දේශපාලන හා ප්රතිරූපමය හානි වළක්වා ගැනීමයි.

නඩු තීන්දුව හා බොරු පොරොන්දු

වසර 4 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම වීමෙන් රන්ජන් අන්දමන්ද විය. එම තීන්දුවෙන් ඔහුගේ මන්ත්රීධූරයද අහෝසි වන බව ඔහුට හැඟී ගියේය. එහෙත් ඔහුගේ දේශපාලන සගයන් දිවුරා ප්රකාශ කර සිටියේ මන්ත්රීධූරය අහෝසි වීමට කිසිසේත් ඉඩ නොතබන බවටයි. තමා නොමඟ යවා නඩු තීන්දුව අවාසිදායක ලෙස ලැබීමට මේ දේශපාලන සගයන් කටයුතු කල බව ඒ වනවිටත් ඔහුට හැඟී ගොස් අවසන්ය. එලෙසම තීන්දු ප්රකාරව ඔහුගේ මන්ත්රීධූරය අහෝසි වන බව එය කෙසේ හෝ බේරා දෙන බවට පොරොන්දු වූ දේශපාලන සගයන් දැන සිටියහ.

රඟපෑම හා චොකා මල්ලි

රන්ජන් ගේ මන්ත්රී අසුන බේරා ගැනීමට කිසිදු නීතිමය පදනමක් නැති බව දැන සිටි රන්ජන් ගේ දේශපාලන සගයන්, ඒ වෙනුවට දේශපාලන නාට්යයක් රඟ දැක්වීමට සැලසුම් කරන ලදී. ඒ සඳහා චොකා මල්ලිගේ පාර්ලිමේන්තු ආගමනය අලලා තිරපිටපත් සකස් කෙරිණි.

චොකා මල්ලි නොහොත් ප්රේමලාල් ජයසේකරට මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කරන ලද්දේ මැතිවරණ දිනයට දින 6 කට පෙර එනම් ජූලි මස 31 වැනිදාය. එම ලබා දුන් තීන්දු ප්රකාරව මැතිවරණ කොමිසමට ඔහු පිලිබඳ අවස්ථා දෙකක දී තීරණ ගැනීමේ හැකියාව තිබුණි. ඉන් පලමු අවස්ථාව නම් ඔහුගේ අපේක්ෂක ධූරය මැතිවරණ දිනයට පෙර අහෝසි කිරීමයි. දෙවන අවස්ථාව නම් ඔහු නීත්යානුකූලව පත්වූ අපේක්ෂකයකු හැටියට පිලිගැනීම ප්රතික්ෂේප කිරීමයි. මෙම අවස්ථාවන් දෙකම මගහරිමින්, මැතිවරණ කොමිසම විසින් අගෝස්තු මස 9 වැනි දින ප්රේමලාල් ජයසේකර නීත්යානුකූලව තේරීපත්වූ මන්ත්රීවරුන් ලැයිස්තුවට ඇතුලත් කර ගැසට් නිවේදනයකින් ප්රසිද්ධ කරන ලදී. එහෙත් ඔහු යටත්ව ඇති දඬුවම්ප්රකාරව ඔහුට පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර නොලැබිණ. නිවැරදි නීති උපදෙස් ලැබූ ප්රේමලාල් ජයසේකර, මහාධිකරණය විසින් ලබා දුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලදී. එනයින් ඔහුට ලබාදුන් තීන්දුව තාවකාලිකව අත්හිටුවී, පාර්ලිමේන්තුව තුලට පැමිණීමට වරම් ලැබුණි.

මිතුරන් වෙස් ගත් සතුරන්

රන්ජන් දේශපාලන නොදරුවෙකි. සිය දේශපාලන සගයන් තමා තනි නොකරනු ඇති බවට ඔහු තරයේ විශ්වාස කළේය. එහෙත් ඔවුන්ට ඔහු දේශපාලන අතකොළුවක් පමණක්ම විය. නිවැරදි නීති උපදෙස් ලැබුණි නම්, අඩුතරමින් ඔහුගේ මතයට අනුව කටයුතු කිරීමට ලැබුණි නම්, අද අධිකරණය තුළ සිටින දූෂිතයන්ගේ හා බොහෝ පක්ෂ විපක්ෂ දේශපාලකයන්ගේ නිරුවත හෙළිවී හමාරය. පාර්ලිමේන්තුව තුල ඔහු වෙනුවෙන් බොරු රඟපෑම් කල, සැබෑ ලෙසම ඔහු සිරගත කළ දේශපාලන සගයන් සියල්ලෝම රඟපෑම් අවසන්කර සුවසේ තම දේශපාලන කටයුතු කරගෙන යනු ඇත. නූතන සිනමාවේ නළු රජාව සිටි රන්ජන්ට දේශපාලනයේ දී හමුවූ අසහාය රංගධරයන්ගේ හැකියාවන් තනිව රසවින්දනයට වසර 4 ඉතිරිව ඇත.

අධිකරණයට අපහාස කිරීම කිසිසේත් අනුමත කර නොහැකිවුවද, අවසාන වශයෙන් අතිගරු ජනාධිපතිතුමන්ගේ අප ඉල්ලා සිටිනුයේ රන්ජන් රාමනායක ගැන සානුකම්පිතව සලකා බලා ජනාධිපති සමාවක් ලබාදීමට කටයුතු කරන ලෙසයි.

 

නන්දසීලි ප්රනාන්දු

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button