BREAKING NEWSEXCLUSIVE

නව රජය ග්‍රාම සේවා සහතිකයේත් වැරදි හදයි – ප්‍රාදේශිය ලේකම්ගේ අත්සන අනවශ්‍යයි

පදිංචිය සහතික කිරිම සඳහා මෙන්ම චරිත සහතික සඳහා ග්‍රාම නිලධාරිවරයා විසින් ලබා දෙනු ලබන සහතිකය මින් ඉදිරියට ප්‍රාදේශිය ලේකම්වරයා විසින් සහතික කිරිමක් සිදු නොකළ යුතු බව රජය පවසනවා.

ඒ අනුව මින් ඉදිරියට ග්‍රාම නිලධාරී සහතිකය ග්‍රාම නිලධාරිවරයා පමණක් සහතික කිරිම ප්‍රමාණවත් වේ. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙය සිදු කර තිබෙනවා.

ඒ අනුව ජනතාවට රාජ්‍ය සේවය පහසුවෙන් කර ගත හැකි ආකාරයට ගත් එක් පියවරක් ලෙස මෙය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවා තිබෙනවා.

පදිංචිය තහවුරු කරන මෙම ලියවිල්ල සනාත කර ගැනීමට ග්‍රාම සේවක විසින් ලබා දීමෙන් අනතුරව ප්‍රාදේශීය ලේකම්වරයා වෙත යා යුතු බවත් මෙයින් ජනතාවට විශාල අපහසුතාවයක් ඇති වෙන බවත් එනිසා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවත් වාර්තා වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button