යාළු වෙන්න බෑ කී 7 ශේණියේ සිසුවියට, 9 ශේණියේ සිසුවා පිහියෙන් ඇනලා!

වයස අවුරුදු දාහතරක පාසල් සිසුවකු ගිරාඳුරුකෝට්ටේ, රත්කිඳ ධීවර ගම්මානයේ පදිංචි දොළොස් හැවිරිදි පාසල් සිසුවියකගේ සිරුරේ හය පොළකට පිහියකින් ඇනීම නිසා බරපතළ තුවාල ලැබූ දැරිය පෙරේදා (18දා) සවස මහියංගණය මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි ගිරාඳුරුකෝට්ටේ පොලිසිය පවසනවා.
එම ගම්මානයේම පදිංචි සැකකාර සිසුවා ඒ සඳහා යොදා ගත් පිහියද සමඟ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දැරිය නිවෙසේ හුදකලාව සිටියදී පිහියක් රැගෙන පැමිණි මෙම සිසුවා ඇයගේ මුහුණ වසා පිහි පහර එල්ල කළ බවට දැරිය පවසා තිබෙනවා.
පිහි පහර කෑමට ලක්වූ දැරිය මෙන්ම පිහියෙන් අනින ලද දරුවාද එකම පවුලක සාමාජිකයන් වන අතර පිහියෙන් ඇනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
එහෙත් කලකට පෙර මෙම පිරිමි දරුවා විසින් තුවාල ලැබූ දැරියගෙන් ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යෑමට කැමැත්ත ඉල්ලා ඇතත් දැරිය එය ප්‍රතික්ෂේප කර ඇති බව දැරිය විසින් පොලිසියට ලබාදුන් කට උත්තරයේ සඳහන්ව තිබෙනවා.
සැකකාර දරුවා මහියංගණය මහෙස්ත්‍රාත්වරයා හමුවට පැමිණවීමෙන් පසුව බාලවයස්කාර දරුවකු බැවින් ඇප නියම කළ මහෙස්ත්‍රාත්වරයා ඔහු සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් ලබා දෙන්නැයි පොලිසියට නියෝග කළා.
ගිරාඳුරුකෝට්ටේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක විතානච්චි මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙනවා.
මීගහකිවුල රුවන් කුමාර/ගිරාඳුරුකෝට්ටේ – එස්.පී. හේරත්