BREAKING NEWSEXCLUSIVEPOLITICS
ජනපති හෙට සවස අගමැති හෙට උදෑසන ආණ්ඩු පක්ෂයේ අතිවිශේෂ රැස්වීම් කැඳවයි..!

ආණ්ඩු පක්ෂයේ අතිවිශේෂ රැස්වීමක් හෙට (22) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වනවා.
ඒ අනුව හෙට පස්වරු 6.00ට පමණ අරලියගහ මන්දිරයේ දි අදාළ රැස්වීම කැඳවා ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කලා.
මෙම රැස්වීම සඳහා ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්රීවරුන්ට අනිවාර්යයෙන් සහභාගි වන ලෙස දැනුම් දී තිබෙනවා
රට තුළ මතුව ඇති ඩොලර් අර්බුදය ඇතුළු ආර්ථික ගැටලු සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේ දි වැඩි අවධානයක් යොමුකිරීමට නියමිත බවට ආරංචි මාර්ග වාර්තා කරනවා.
පස්වරුවේ පැවැත්වීමට නියමිත විශේෂ රැස්වීමට පෙර හෙට පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ආග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් ද ආණ්ඩු පක්ෂයේ මන්ත්රී කණ්ඩායම රැස්වීමට නියමිතව තිබේ.