BREAKING NEWSEXCLUSIVE
හිස්බුල්ලාගේ ශරියා විශ්ව විද්‍යාලය රජයට පවරා ගැනේ

ආන්දෝලනාත්මක මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලය රජයට පවරා ගැනීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙන බව වාර්තා වේ.
රැකියා වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් ගුරු විද්‍යාපීඨ, හෝටල් පාසල් ආරම්භ කිරිමේ ජනපතිවරයාගේ ප්‍රතිපත්තිය මත මෙලෙසට ශරියා විශ්ව විද්‍යාලය රජයට පවරාගෙන වෙනත් විෂයන් ඉගැන්වීමට අවදානය යොමුව තිබේ.
පසුගියදා පැවති කැබිනට් හමුවකදී මඩකලපුව විශ්වවිද්‍යාලය විනාශ වී යාමට ඉඩනොදී හැකි ඉක්මණින් ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට එකතු කර ජාතික සම්පතක් ලෙස ප්‍රයෝජනයට ගැනීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දී තිබේ.
මේ අනුව ශරියා විශ්ව විද්‍යාලය තාක්ෂණික විශ්ව විද්‍යාලයක් ලෙස ජාතික විශ්ව විද්‍යාල පද්ධතියට එක් කර ගැනීමට නියමිතය.