GOSSIP NEWSVIRAL NEWS

මැතිවරණය ඉලක්ක කර ආණ්ඩුවෙන් සමාජජාලා මර්ධනයක් – CERT මහ පුටුවට සුදුසුකම් නැති දේශපාලන පත්වීමක් .!

භාෂණයේ නිදහස ලබා දෙනවායැයි කියමින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුව, බලයට පැමිණි දා සිට ක්‍රියාත්මක කලේ පුද්ගල භාෂණ නිදහස සීමා කිරීමේ වැඩපිලිවෙලයන්ය. මෙහි නවතම ගොදුර ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) බව අපට වාර්තා වේ. මේ වන විටත් මුදල් අමාත්‍යාංශය වෙතින් සිවිල් ආයතනයක් වන ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදය ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගැනීමේ හැකියාව පිළිබඳව මූලික විමසීම් සිදු වී ඇති බව අනාවරණය වේ.

Lanka Mag අප හෙළිකළ පරිදි ෆේස්බුක් ආයතයේද වත්මන් ආණ්ඩුවට සෘජුව සම්බන්ධ පිරිස් සේවය කරයි. පහුගිය දින 2කට පමණක් පොදුජන පෙරමුණට හිතැති ෆේස්බුක් ගිණුම් 50කට අධික සංඛ්‍යාවක් ෆේස්බුක් තුළින් ඉවත් කර ඇති බව ෆේස්බුක් පරිශීලකයන් චෝදනා කරයි. ෆේස්බුක් පිටු(Facebook pages) පවත්වාගෙන යන ඕනෑම ඇඩ්මින්වරයකු හොඳින්ම දන්නා කාරණාව මේ වන විට ලංකාවේ පේජ් රීච්(Page reach) එක අවම කිරීමට ෆේස්බුක් ආයතනය කටයුතු කර ඇති බවයි. තත්වය මෙසේ පවතිද්දී ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදය ද සිය භාරයට ගෙන පුරවැසියන්ගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බව පෙනේ.

මේ සියල්ල පිටුපස පෙර ආණ්ඩු සමයේ සේවයෙන් ඉවත් කරනු ලැබුව, වත්මන් ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ පරීක්ෂණ අංශයේ ඉහල පුටුවකට උසස් කරනු ලැබූ, මේ වන විට ඉදිරි ජනාධිපතිවරණෙන් පැහැදිලිවම වන ආණ්ඩු මාරුව දැක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දක්වනවා සේ පෙන්වන යුධ හමුදා කර්නල්වරයකුද සිටින බව සැලවේ.

ඉදිරියට එළබෙන ජනාධිපතිවරණයේ සමාජ මාධ්‍ය අංශයෙන් ගව් ගණනක් පිටුපසින් සිටින එක්සත් ජාතික පක්ෂය සිය ප්‍රතිවිරුද්ධ මතදාරීන් මර්දනය කෙරෙහි විවිධ ක්‍රම උපයෝගී කරමින් සිටී. එහි එක් පියවරක් ලෙස ෆේස්බුක් ආයතනයේ ශ්‍රී ලාංකික නියෝජිතයන් ලෙස UNP පාක්ෂිකයන් ෆේස්බුක් ආයතනයට රිංඟවීම අති සූක්ෂම ලෙස රනිල් වික්‍රමසිංහ ඇතුළු UNP ආණ්ඩුවෙන් සිදු විය.

මේ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන ෆේස්බුක් නියෝජිතයා සහ සිංහල පළකිරීම් සම්බන්ධ ප්‍රධාන නිළධාරියා ලෙස පත් වූයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ අගමැති කාර්ය මණ්ඩලයේ සේවය කරමින් සිටි සෙනුර අබේවර්ධනය. සෙනුර අබේවර්ධන යනු එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් හර්ෂ අබේවර්ධනගේ පුත්‍රයා වීම විශේෂය. සෙනුර කෝට්ටේ ආසනයේ එක්සත් ජාතික පක්ෂ තරුණ පෙරමුණු සභාපතිවරයා ලෙසද කටයුතු කිරීම විශේෂත්වයකි.

මෙවැනි එක්සත් ජාතික පක්ෂය සමඟ සෘජු සම්බන්දතා පවතින පුද්ගලයන් ෆේස්බුක් ආයතනය බඳවා ගනිද්දී, ඔවුන්ගෙන් සාධාරණයක් විරුද්ධ මත දරණ අනෙකුත් පාක්ෂිකයන්ට බලාපොරොත්තු විය හැකිද?

මෙහි ඊළඟ පියවරක් ලෙස ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදයට (CERT) එක්සත් ජාතික පාක්ෂිකයින් අධ්‍යක්ෂකවරු ලෙස පත් කිරීමටද, ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදය රුවන් විජේවර්ධන පාලනය කරන ආරක්ෂක අමාත්‍යංශය යටතට ගෙන අන්තර්ජාල පාලනයටද වත්මන් ආණ්ඩුව සැරසේ.

මේ අනුව ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදයට අධ්‍යක්ෂකවරයකු ලෙස පුලස්ති වන්නිආරච්චි නැමති අන්තර්ජාල ආරක්ෂණය පිළිබඳ කිසිදු දැනුමක් නැති, සුදුසුකම එක්සත් ජාතික පාක්ෂික වීම පමණක් වූ එජාප ආධාරකරුවෙක් පත් කර තිබේ. මේ ඔහුගේම ෆේස්බුක් පිටුවෙන් උපුටාගන්නා ලද සටහන් කීපයකි.

මේ වන ශ්‍රී ලංකා පරිඝණක ය ප්‍රතිචාර සංසදය ආරක්ෂක අමාත්‍යාංය යටතට ගෙන පාලනය කිරීම පිළිඹඳශක්‍යතා වාර්තාවක් මංගල සමරවීර යටතේ පවතින මුදල් අමාත්‍යාංශයෙන් පවා කැඳවා විමසා ඇත. මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන බව පැවසෙනුයේ පසුගිය ආණ්ඩු සමයේ යම් වංචනිකව සුදුසුකම් ඉදිරිපත් කරනු ලදුව, එම වංචනික ක්‍රියා අසුවී සාමාන්‍ය රාජකාරී වලින් ඉවත් කර තබන ලද, පසුව යහපාලන රජය බලයට පත් වූ පසු ශ්‍රී ලංකා යුධ හමුදාවේ පරීක්ෂණ අංශයේ අධිපති ලෙස පත් කරනු ලැබූ කර්නල් තිරාන් ඩි සිල්වා නැමැත්තෙක් බව වාර්තා වී ඇත.

සමාජ මාධ්‍ය මර්දනයට වත්මන් ආණ්ඩුව ගෙනයන මෙම වැඩපිලිවෙලට එරෙහිව නැඟී සිටිය යුතු වන්නේ, මේ අනතුරේ හෙලන්නේ ඔබේත් මගේත් ප්‍රකාශන අයිතිය බැවිනි.

Related Articles

2 Comments

  1. This fake news relevant to Dr. Thiran de Silva, created by SL Cert Acting Director Jayantha Fernando. Jayantha Fernando have different agenda to become a power full head of appointment in IT field in Sri Lanka. Hence he try to pin down other qualified persons from this feild posting this kind of fake news.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button