BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

සෞඛ්‍ය අංශවලින් නිල උපදෙසක් ලැබුණොත් රට වසා දැමීමට සූදානම් – රාජ්‍ය ඇමති චන්න ජයසුමන කියයි

නිල වශයෙන් සෞඛ්‍ය අංශ වලින් ඉල්ලීමක් සිදුකළහොත් රට වසා දැමීම සඳහා රජය සුදානම් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

රජය විසින් සියලු තීන්දු ගනු ලබන්නේ වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව බව ද රාජ්‍ය අමාත්‍යවරයා අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළා.

කොරෝනා වෛරසයට සමාජය අනවශ්‍ය ලෙස නිරාවරණය විම තුළින් ජනතාව අතර ප්‍රතිශක්තිය ගොඩනැගිම සිදුකළ නොහැකි බව ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛළ ජීව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ එමගින් සිදු වන්නේ අනවශ්‍ය රෝගින් බිහිවීම සහ මරණ අනුපාතය වැඩිවීම පමණක් බවයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය සාර්ථකව පාලනය කළ බොහෝ රටවල් එම ඉලක්කයට ළගා වී ඇත්තේ එන්නත්කරණය අවසන් කර ප්‍රතිශක්තිකරණ සඳහා අවස්ථාව උදාකර ගැනීමෙන් බව පැහැදිලි කරුණක්.

කෙසේ වෙතත්, ශ්‍රි ලංකාවේ මේ වනවිටත්, කුමන හෝ එන්නතක දෙවන මාත්‍රාව ලබාදීමෙන් පුර්ණ ප්‍රතිශක්තිකරණයක් සඳහා අවස්ථාව පවතින්නේ එන්නත් කළ යුතු ජනගහනයෙන් සියයට 25කටත් අඩු පිරිසක්.

මෙවැනි තත්ත්වයක් යටතේ ජනතාව වෛරසයෙන් නිරාවරණය වීමෙන් සමූහ ප්‍රතිශක්තියක් ගොඩනැගේ යැයි අපේක්ෂා කළ නෙැහැකි අතර, එය විද්‍යාත්මකව සිදු කළ නොහැකි බව ඔහුගේ අදහසයි.

මේ හේතුවෙන් සමාජයේ උපරිම පිරිසකට හැකි ඉක්මනින් එන්නත් මාත්‍රා දෙකම ලබාදීමත්, ඒ වනතෙක් ජනතාව වෛරසයට අනවශ්‍ය ලෙස නිරාවරණය වීම සීමා කිරිමත්, ඉතා වැදගත් බව ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජීව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර වැඩිදුරටත් සඳහන් කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button