BREAKING NEWSPOLITICS

ආණ්ඩු පක්‍ෂයෙන් ගම්මන්පිලට සහාය ලබා දීමට තීරණයක්

 

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව අද සහ හෙට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙණවා. ඉන්ධන මිල ඉහල නැංවීමට ගත් තීරණයට එරෙහිව සමගි ජන බලවේගය උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එනු ලැබුවා. මේ, අද සහ හෙට විවාදයට ගැනෙන මෙම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අදහස් පළ කළ සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක.

මේ අතර අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම ඊයේ ඒකමතකිව තීන්දු කළා. ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති මන්දිරයේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවේදීයි. එම සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සහ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායමේ ඊයේ පැවති සාකච්ඡාවෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර ද මෙහිදී අදහස් පළ කළා.මේ අතර අමාත්‍ය උදය ගම්මන්පිලට ඉදිරිපත් කර ඇති විශ්වාභංග යෝජනාව සම්බන්ධයෙන් සිය තීරණය අද දිනයේදී ප්‍රකාශ කරන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.එම සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්දන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ අද පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව දෙමළ ජාතික සන්ධානයේ තීරණය ප්‍රකාශයට පත් කෙරුණු ඇති. පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button