GOSSIP NEWSVIRAL NEWS

හමුදාපති ශවේන්ද්‍ර වෙනුවෙන් රජය ඉදිරියට – ඇමෙරිකාවට විරෝධය පා නිවේදනයක්

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ පවුලේ සාමාජිකයින්ට අමෙරිකාවට ඇතුළුවීමට තහංචි පැනවීමට එරෙහිව රජය දැඩි විරෝධතාව පල කර සිටියි.

විදේශ සබදතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, ස්වාධීනව තහවුරු නොකරන ලද මුලාශ්‍ර මත පදනම්ව ඇමෙරිකාව මෙවැනි තීරණයක් ගැනීම ගැන ශ්‍රී ලංකා රජය දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කරන බවයි.

රාජ්‍ය නායකයා විසින් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුදාපති ධුරයට පත් කරනු ලැබුවේ ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය සහ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් තහවරු කිරිම සඳහා කිසිඳු චෝදනාවක් නොමැති නිසා බවත් එම නිවේදනයේ දැක්වේ.

එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව ඔහු වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කිරීමට ජනාධිපතිතුමා පියවර ගත් බවයි.

ඒ අනුව මෙම තීරණය ගැනීමට හේතු වූ තොරතුරු මුලාශ්‍රවල නිවරැදිභාවය පිළිබඳව සොයා බලන ලෙසත් ශවේන්ද්‍ර සිල්වා මහතා සම්බන්ධයෙන් ගනු ලැබු තීරණය යළි සමාලෝචනය කරන ලෙසත් ශ්‍රී ලංකා රජය ඇමෙරිකාවට පවසා සිටියි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button