GOSSIP NEWSVIRAL NEWS

මහපොළ, රැකියා ඉල්ලමින් පාරවල් වහන සරසවි සිසුවා රටට බරක් නැති ව්‍යවසායකයන් කරන්න නව රජයෙන් අලුත් වැඩක්

මෙරට රජයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයා පිළිබඳ සමාජයේ පවතින එතරම් යහපත් නොවේ. ඒ මහජනතාවගේ බදු මුදලින් නිදහස් අධ්‍යාපනයේ උපරිම වරප්‍රසාද ලබමින්, මහපොළ ශිෂ්‍යාධාර ආදියද ලබමින් සිටියද තව තවත් ඉල්ලීම් කරමින් ආර්ථිකයටත බරක් වීමත්, විරෝධතා උද්ඝෝෂණය කරමින් මහජනතාවට බාධාවක් වීම නිසාත්ය.

කෙසේ වෙතත් මෙලෙසට ආර්ථිකයට බරක් හා ජනජීවිතයට බාධාවක් වන මෙරට විශ්ව විද්‍යාල සිසුවා, හැකියාව සහ දක්ෂතාව ඇත්නම් ආර්ථිකයට සවිය දෙන, රැකියා ඉල්ලා විරෝධතා කරනා පුද්ගලයෙකු වෙනුවට රැකියා බිහි කරන ව්‍යවසායකයෙකු කිරීමට අවශ්‍ය සහය ලබා දීමට රජය නව වැඩපිලිවෙලක් අරඹා තිබේ.

මේ අනුව විශ්වවිද්‍යාල 15ක ව්‍යාපාර සම්බන්ධීකරණ ඒකක භාර අධ්‍යක්ෂවරුන් සහ අමාත්‍ය විමල් වීරවංශ අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.

මෙහිදී එක් එක් විශ්වවිද්‍යාල ව්‍යාපාර සම්බන්ධීකරණ ඒකක විසින් තම විශ්වවිද්‍යාල පර්යේෂකයන්ගේ හා නව නිපැයුම්කරුවන්ගේ නිෂ්පාදන ඉදිරිපත් කරනු ලැබ තිබේ.

විශ්වවිද්‍යාල පර්යේෂකයන් විසින් ඉදිරිපත් කර ඇති නව නිෂ්පාදන වාණිජකරණයට ලක් කර ඒවාට දෙස්-විදෙස් වෙළෙඳපොළක් නිර්මාණය කර ගැනීමේ අරමුණින් අමාත්‍යවරයා මෙම සාකච්ඡාව සිදු කර තිබේ.

මෙම සාකච්ඡාව සඳහා තෙවන පාර්ශ්වයන් ලෙස පෞද්ගලික අංශය නියෝජනය කරමින් නියෝජිතයෝ පිරිසක්ද එක්ව සිටියා.

මෙහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් පවසා සිටියේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සහ විශ්වවිද්‍යාල ව්‍යාපාර සම්බන්ධීකරණ ඒකකවල නිෂ්පාදන සඳහා ආයෝජනය කළ හැකි ව්‍යවසායක පිරිස්වල සහයෝගය ලබා දීමට කටයුතු කරන බවය.

එසේම විශ්වවිද්‍යාල ප්‍රජාවගේ ජාතික වශයෙන් වැදගත් වන ඉදිකිරීම් හා තාක්ෂණික ක්ෂේත්‍රවලට අදාළ නිමැයුම් කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු කරවීමට තමන් කටයුතු කරන බවද විමල් වීරවංශ අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button