BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVEPOLITICS

වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා කොවිඩ් හේතුවෙන් අභාවප්‍රාප්ත වෙයි.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු සභාපති, වයඹ පළාත් අණ්ඩුකාර අධි නීතීඥ රාජා කොල්ලුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (06) රාත්‍රි ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කලා.

ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලනයට පිවිසි රාජා කොල්ලුරේ මහතා 2000 වසරේ සිට 2004 වසර දක්වා පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළා.

2019 වර්ෂයේ සිට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ඒ මහතා මියයන විට 83 වන වියෙහි පසු වූ අතර, මේ දිනවල බහුලව කතාබහට ලක්වූ ආණ්ඩුකාරවරයාද වුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button