BREAKING NEWSEXCLUSIVE

කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම පිළිබද රජයෙන් දැඩි තීන්දු -තීන්දු තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සවස 3ට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද පැවැති කොවිඩ් මර්දන ජනාධිපති කාර්යය සාධක බලකා රැස්වීමේදී රට තුළ යළි කොරා්නා වෛරසය ව්‍යාප්තවීම සම්බන්ධයෙන් තීන්දු තීරණ කිහිපයක් ගෙන තිබෙනවා.

ඒ අනුව පවතින අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශ වෙත පවසා ඇති බවටයි වාර්තා වන්නේ.

අද පැවැති මෙම රැස්වීමේදී ගත් තීන්දු තීරණ පිළිබඳ අද පස්වරු 03 ට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකදී කරුණු ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

කොවිඩ් 19 පාලනය පිළිබඳව සියලුම වගකිවයුතු පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාව සවස 3:00 ට සජීවීව Facebook  ඔස්සේ නැරඹීමට හැකියි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button