BREAKING NEWSPOLITICS

‘දරුවන් ආරක්ෂා කිරීම වගකීමයි, තීරණාත්මක මොහොතේ රජයට ඔබගේ සහයත් අවශ්‍යයි’ – මහින්ද යාපා

නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 රෝගයට ‍රටක් වශයෙන් මුහුණ දීම සඳහා සියලූම ශ්‍රී ලාංකිකයන් මේ මොහොතේ එක්විය යුතු යැයි හිටපු අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

අද (12) මාතර පැවැති ජනහමුවක් අමතමින් ඒ මහතා ප්‍රකාශ කළේ මෙම වසංගත තත්වය පාලනය කිරීමට ගත යුතු සියලූම ක්‍රියාමාර්ග රජයක් වශයෙන් දැනටමත් ලබා ගෙන ඇති බවත්, ඒ සියලූම කටයුතු සඳහා මහජන සහය අත්‍යවශ්‍යය බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා,

“මේක තීරණාත්මක මොහොතක්, අද දින රජය පාසල් නිවාඩු දෙන්න තීරණය කළෙත් අපගේ ප්‍රධානතම වගකීම දරුවන් ආරක්ෂා කිරීම නිසා.

කෙසේ වෙතත් ඔබ අනියත බියක් ඇති කර ගත යුතු නෑ, මෙවැනි මොහොතක එවැනි අනියත බියක් ඇතිකර ගැනීම වඩා හානිදායක විය හැකියි.

වැදගත් වන්නේ මේ අවස්තාවේ සියලූම පක්ෂ භේද, ජාති භේද සියල්ල නොතකා මේ වසංගතය පැරදවීමට ශ්‍රී ලාංකිකයන් ලෙස එක්වීමයි,

එහිදී රජයට සියලූම දෙනාගේ සහය අත්‍යවශ්‍යයි. උදාහරණයක් විදියට නිරෝධායනය සිදු කරන්නේ විදෙස් ගත අයගේ මෙන්ම ඔවුන්ගේ පවුලේ උදවියගේද ආරක්ෂාවටයි. එවැනි කටයුතු සඳහා ඔබගේ සහය අත්‍යවශ්‍යයි.

මම මේ ස්ථානයට පැමිණෙන විට රූපවාහිනි වැඩසටහනක් දුරකථනයෙන් නැරඹූවා. එහිදී වෛද්‍යවරයෙක් පැවසූවේ කොරෝනා ආදි රෝග වලට එරෙහිව ප්‍රතිශක්තීකරණය ඉහළ දමා ගන්න සුවඳැල් වැනි අපේ ඉපැරණී දේශීය සහල් හා ආහාරයන්ගේ වටිනාකමයි. කෘෂිකර්ම අමාත්‍යංශය දැරූ සමයේ අප විසින් එවැනි සහල් වර්ග හා ආහාර ප්‍රවර්ධනය කරනු ලැබූවා. විනාශයට ගිහින් තිබූ එවැනි සහල් වර්ග කිහිපයක්ම නැවතත් වගා කිරීමට ඇරඹුනේ කෘෂිකර්ම ඇමතිවරයා ලෙස මාගේ මැදිහත්වීමෙන්. එය සතුටට කරුණක්” යනුවෙනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button