BREAKING NEWSEXCLUSIVE

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස 63 දක්වා දීර්ඝ කරයි

රාජ්‍ය වෛද්‍ය සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා වැඩි කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් ඊයේ (30) දිනයේදී මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

වෛද්‍ය  නිලධාරීන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය  සංශෝධනය කිරීම සඳහා පසුගිය අප්‍රේල් මස 20 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කලා.

මීට පෙර රජයේ සේවයේ නියුතු සියලුම ශ්‍රේණිවලට අයත් වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60ක් වු අතර එය පසුගිය වසරේ දි 61ක් දක්වා දීර්ඝ කර තිබුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button