BREAKING NEWSPOLITICS

ශාසනයට දරුවන් පූජා කළ පවුල්වලට රජයේ රැකියාවක්

ශාසනයට දරුවන් පූජා කළ පවුල්වල අවශ්යතාව මත රැකියාවක් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, වවුනියාව උතුර ප්රාදේශීය ලේකම් බල ප්රදේශයට අයත් වෙඩිවෛත්යකල්ලු ග්රාම සේවා වසමේ, බෝගස්වැව මහා විද්යාල පරිශ්රයේ ඊයේ (03) පැවති “ගම සමග පිළිසඳර” 17 වැනි වැඩසටහනට එක්වෙමින්.

දෙමාපියන් රැක බලා ගැනීමට සිදුවීම නිසා ඇතැම් භික්ෂූන් වහන්සේට ශාසනික මෙහෙවර ඉටුකිරීම අපහසු වී ඇති බැවින් මෙම තීරණය ගත් බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා කියා සිටියේ, රැකියා ලක්ෂයේ ව්යාපෘතියෙන් ඔවුන්ට එම රැකියා ලබාදෙන බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button