BREAKING NEWSEXCLUSIVE
අඩු ආදායම් ලබන අයට ආණ්ඩුවෙන් බෝනස්

අඩු ආදායම්ලාභීන් සහ සමෘද්ධිලාභීන් වෙනුවෙන් ලබාදීමට තීරණය කළ රුපියල් 5,000 දීමනාව අලුත් අවුරුද්දට පෙර ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එළඹෙන 12 සහ 13 යන දිනවලදී මෙම දීමනාව ලබා දෙනු ඇති. රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් රජය මගින් මෙම දීමනාව ලබාදීමට සැලසුම්කර ඇති බවයි.
ඒ අනුව මෙම රුපියල් 5,000 දීමනාව සමෘද්ධි බැංකු හරහා ලබා දීමටයි තීරණය කර ඇත්තේ.
මේ අතර ලබන 12 සහ 13 යන දිනවල සියලු සතොස අලෙවි ශාඛා විවෘත කර තබන ලෙසටද දැනුම් දී තිබෙනවා.