BREAKING NEWSEXCLUSIVEPOLITICS

යුගදනවි ගිවිසුම බල රහිත කරන ලෙස ඉල්ලා කාදිනල් හිමි සමගින් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ උසාවියට..!

කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් සියයට හතලිහක කොටස් නිව් ෆෝට්‍රස් එනර්ජි නැමැති ඇමෙරිකානු සමාගමකට ලබා දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා යුගදනවි ගිවිසුම බල රහිත කරන ලෙස ඉල්ලා කාදිනල් හිමි සමගින් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ පෙත්සමක් ගොනු කරනු ලැබුවා.

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ධර්මායතනාධිපති ය ඇල්ලේ ගුණවංශ ,සමගි ජන බලවේගය , වෘත්තීය සමිති ඇතුළු පාර්ශව කිහිපයක් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට පක්ෂව උදය ගම්මන්පිල , විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් විසින් මෙම විරෝධතා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරනු ලැබුවා.

මෙම අමාත්‍යවරුන් තිදෙනා එම මූලික අයිතිවාසිකම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටියදී පෙත්සම්වලට පක්ෂව විරෝධතා ඉදිරිපත් කර සිටියා.

නීතීඥ නිලන්ති විජේසිංහ මෙනවිය විසින් ගොනු කළ මෙම විරෝධතා පිටු 58 කින් යුක්ත බව සදහන්.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button