BREAKING NEWSEXCLUSIVEPOLITICS

ගෝඨා – සජිත් ඇතුලු 35ක් නාමයෝජනා භාර දෙයි – සියලු විරෝධතා ප්‍රතික්ෂේපයි

ඉදිරි ජනපතිවරණය සදහා නාමයෝජනා ලබා දීමට තිබූ කාලය අවසන් වූවා. මේ අනුව ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හා එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඇතුලූ 35ක් නාමයෝජනා භාරදී තිබේ.

එහිදි ජනපති අපේක්ෂකයන් ඉලක්ක කරගෙන විරෝධතා දෙකක් ගොනු කරනු ලැබු බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කර සිටිනවා. ඒ එම් එල් ඒ එම් හිස්බුල්ලා සහ ශිවාජිලිංගම් අපේක්ෂකයන්ට එරෙහිවයි.

එලෙස ගොනු කරනු ලැබු විරෝධතා දෙකම ප්‍රතික්ෂේප කරනු ලැබු බවත් ඉදිරිපත් කරන ලද 35 දෙනාගේම නාමයෝජනා භාර ගත් බවත් මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා සඳහන් කළා.

ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කර සිටි සංඛ්‍යාව 41ක් වුණා. මේ අනුව හයදෙනෙක් නාමයෝජනා භාර දී නැහැ. ඒ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමද වනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතාද නාමයෝජනා භාර දී නොමැති බව වාර්තා වනවා.

දෙමළ ජනතාව වෙනුවෙන් තරග වදිනා එම්. කේ සිවාජිලිංගම් හා මුස්ලිම් ජනතාව වෙනුවෙන් තරග වදිනා එම්. එල්. ඒ. එම් හිස්බුල්ලාද නාමයෝජනා භාර දී තිබේ.

කම්කරු ජනතාව නියෝජනය කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුවද ජනපතිවරණයට ඉදිරිපත් වීමට නාමයෝජනා භාර දී තිබේ.

ජනාධිපතිවරණයට පිළිගත් නාමයෝජනා පහතින් දැක්වේ,

ගෝඨාභය රාජපක්ෂ

සමරවීර වීරවන්නී

ජයන්ත කැටගොඩ

බත්තරමුල්ලේ සීලරතන හිමි

අජන්තා විජේසිංහ පෙරේරා මිය

සමන්සිරි හේරත්

ඒ.එස්.පි. ලියනගේ

එම්.කේ. සිවාජිලිංගම්

සමන් ප්‍රසන්න පෙරේරා

සිරිපාල අමරසේන

බැද්දේගමගේ නන්දමිත්‍ර

සරත් විජිතකුමාර කීර්ති රත්න

අශෝක වඩිගමංගාව
මහේෂ් සේනානායක

දුමින්ද නාගමුව

ප්‍රියත් මුනියන් එදිරසිංහ

ආරියවංශ දිසානායක

අජන්ත ද සොයිසා

චමින්ද අනුරුද්ධ

මිල්රෝයි ප්‍රනාන්දු

අහම්ඩ් හසන් මොහොමඩ් අලෙවි

රොහාන් පල්ලේවත්ත

එන් රාජපක්ෂ

අපරැක්කේ පුන්‍යානන්ද හිමි

වජිරපානි විජයසිරිවර්ධන

අනුර කුමාර දිසානායක

අරුන ද සොයිසා

එම්.එල්.ඒ. හිස්බුල්ලා

ඉල්ලෙයාස් හයිදුරුස් මොහොමඩ්

සජිත් ප්‍රේමදාස

බසීර් සේගුදාවුද්

පියසිරි විජයනායක

රජිව් විජේසිංහ

සරත් මනමේන්ද්‍ර

සුබ්‍රමනියම් ගුණරත්න

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button