BREAKING NEWSEXCLUSIVEPOLITICS

හඳුන්නෙත්ති කළ ගොන් වැඩක් ගෝඨා පතුරු ගසයි..

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු කාරක සභා මූල්‍ය පාලක ත්‍යාග ප්‍රධානෝත්සවය අද පැවැත්වුනා.

එහිදී කෝප් කමිටුව විසින් සිදු කළ ක්‍රියාවක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැඩි විවේචනයට ලක් වුනා.

එනම් පසුගිය 2015 – 2019 රජය විසි පත් කළ සංස්ථා හා මණ්ඩල ප්‍රධානීන් විසින් සිදු කළ වංචා හා දූෂණ වලට නව රජය විසින් පත් කළ සංස්ථා හා මණ්ඩල ප්‍රධානීන් සුනිල් හඳුන්නෙත්ති විසින් කෝප් කමිටුව විසින් දෝෂාරෝපනය කිරීමයි.

ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පත් කළ ව්‍යාපාරික අශෝක් පතිරගේ ප්‍රමුඛ නව ශ්‍රී ලංකන් පාලක මණ්ඩලය ගෙන්වා, කෝප් කමිටුව විසින් පසුගිය සමයේ සිටි පාලක මණ්ඩල විසින් සිදු කළ වංචා සඳහා දෝෂාරෝපනය කළා.

කෝප් කමිටුවේ මෙම ක්‍රියාව ජනපතිවරයාගේ විවේචනයට ලක්වූයේ මෙලෙසින්,

“මම පහුගියදා බලාගෙන හිටියා කෝප් කමිටුව ශ්‍රී ලංකන් නව පාලක මණ්ඩලයට, පෙර පාලක මණ්ඩලයන් සිදු කළ වැරදි වලට විවේචනය කරන හැටි,

ඇත්තටම මම ගොඩක් බය වුනා. ඒ අශෝක් මේක දාලා යයි කියලා. අශෝක් පතිරගේ ලංකාවේ දක්ෂතම පරිපාලකයෙක් හා ව්‍යාපාරිකයෙක්. ඔහු මේකට දැම්මේ මේක හදන්න.

ඉතින් කලින් මිනිස්සු කරපු වැරදි වලට ඔවුන්ට බනින එක මෝඩ වැඩක්. දේශපාලන වාසි වෙනුවෙන් ඒ වැරැද්ද කරන්න එපා. අලුතෙන් ඒ ඒ තනතුරු වලට දක්ෂයො පත් කරලා තියෙන්නේ ඒ වැරදි නිවැරදි කරන්න තමයි,

ඔවුන් අදෛර්යමත් කරලා ඒ ඒ තනතුරු වලින් එලව ගන්න හදන්න එපා”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button