GOSSIP NEWSVIRAL NEWS
“ගෝඨාගේ පුරවැසි සහතිකය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූලයි” නීතිපතිගේ ප්‍රකාශයත් සමග නඩුවේ වාසිය ගෝඨාට.!

හිටපු ආරක්ෂක ලේකම් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ගාමිණි වියන්ගොඩ සහ චන්ද්‍රගුප්ත තේනුවර විසින් ඉදිරිපත් කළ පෙත්සම අද සළකා බැලූවා.
එහිදී මෙම නඩුවට රජයේ නීතිපතිවරයා සිය මතය ඉදිරිපත් කළා. එහිදී නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රකාශ කළේ හිටපු ජනාධිපතිවරයා 2005 දී රජයේ සහ විධායකයෙහි ප්‍රධානියා බැවින් ඇමතිවරයා ලෙස ඔහුගේ පූර්ණ විධායක බලය භාවිතා කරමින් ද්විත්ව පුරවැසි සහතිකයට අත්සන් කළ හැකි බවය.
නීතිපතිවරයාගේ මෙම අර්ථ දැක්වීම අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය නීත්‍යානුකූලය.