BREAKING NEWSEXCLUSIVEPOLITICS
මවුබිමට ජය – ගෝඨාගමනය ස්ථිරයි – ගෝඨාට එරෙහි පෙත්සම ප්‍රතික්ෂේප කරයි.!

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට අධිකරණය තීරණය කළා.
මෙයින් කියවෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය නීත්‍යානූකූල බවට අධිකරණය තීරණය කළ බවයි. මේ අනුව ඉදිරි ජනපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආගමනය ස්ථිර වී තිබෙනවා.
මේ අනුව යම් කිසි අවදානමක් ඇති වූවහොත් අතිරේක අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමට ඇප මුදල් තැන්පත් කළ චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉදිරියේදි ඉල්ලා අස් වීමට නියමිත බවත් වාර්තා වේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සිවිල් සංවිධාන නායකයන් වන චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණි වියංගොඩ විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.