BREAKING NEWSEXCLUSIVE

ජනපති ගෝඨාභය ජාතික රෝහලට කඩා පනියි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ ජාතික රෝහලට පැමිණ තිබෙනවා. ඒ බලධාරීන්ට නොදන්වා එම රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක් සඳහායි.

එහිදී ජනාධිපතිවරයා එහි සිටි පුද්ගලයින් සමග රෝහලේ අඩුපාඩු සහ වැඩි දියුණු විය යුතු අංශ පිළිබඳව කරුණු විමසා ඇති බවත් වාර්තා වේ.

රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා පෙර දැනුම් දීමකින් තොරව එම ආයතන වෙත යාම සිදුකරමින් සිටිනවා.

මින්පෙර ජනපතිවරයා මෙලෙසම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගිය අතර ඉන්පසුව එම ආයතනයේ වැරදි රාශියක් නිවැරදි කිරීමට කටයුතු කළා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button