BREAKING NEWSEXCLUSIVE
ජනපති ගෝඨාභයගෙන් සෘජු තීරණයක් – ස්විස් තානාපති සේවිකාව පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් ප්‍රතික්ෂේප කරයි

මෙරට ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවක පැහැරගෙන ගියා යැයි චෝදනා කළ සිදුවීම පිළිබඳ දේශීය පරීක්ෂණ මිස ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකිරීම රජය එකහෙළාම ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වේ.
මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පරීක්ෂණ පැවැත්විය යුත්තේ කෙසේදැයි උපදෙස් දීමට ස්විස් රජයට අයිතියක් නොමැති බවද රජය විසින් අවදාරනය කර තිබෙන බව වාර්තා වේ.
රජය අපකීර්තියට පත් කිරීම උදෙසා සිදු කළ මෙම සිදුවීම පසුපස සිටිනා සැබෑ වරදකරුවන් අත් අඩංගුවට ලබා ගන්නා තුරු රජය විසින් මෙම පරීක්ෂණය නොකඩවා සිදු කරන බවත් වාර්තා වේ.