BREAKING NEWSEXCLUSIVE
එදා තමන් සිරගත කළ ගිහාන් පිලපිටිය සිරගත වීමෙන් වලකන්න අද ජනපති ගෝඨාභයගෙන් නියෝග

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම වහාම නවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබේ.
පසුගියදා නීතිපතිවරයා නියෝග කර තිබුනේ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි.
නීතිපතිවරයාගේ එම නියෝගය අවලංගු කිරීමට ජනපතිවරයා මෙලෙසට නියෝග කර තිබේ.
කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලෙස කටයුතු කරන සමයේ ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණ රක්ෂිත මැදිරියට යැවීමට නියෝග කළේ ගිහාන් පිලපිටිය වීම විශේෂත්වයකි.