BREAKING NEWSOFF ROADPOLITICSSMART UPDATE

ගෝඨා – මහින්ද – බැසිල් ඇතුලු පොහොට්ටු ප්‍රබලයන් ජනපති හමුවෙයි

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් සහ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර අද (28) දිනයේදි විශේෂ හමුවක් පැවැත්විමට නියමිතව ඇති බව වාර්තා වේ.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ද එක්විමට නියමිත මෙම විශේෂ හමුවට ශ්‍රීලනිප පාර්ශවයෙන් මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා පමණක් සහභාගී වීම විශේෂත්වයකි.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරිමෙන් අනතුරුව වත්මන් ජනපතිවරයා සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හමුවන පලමු අවස්ථාවද මෙය වනවා.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රි කණ්ඩායම ඊයේ (27) රැස්වු අතර එහිදි යෝජිත සන්ධාන ගතවිම සහ එහි ලකුණ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ජා කල බව Lanka Mag වෙත වාර්තා වේ.

ඒ අනුව පක්ෂ දෙකේ නායකයින් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අද දිනයේදි සාකච්ජා කර අවසන් තීරණයකට එළඹීමට නියමිත බව වාර්තා වේ.

ජනාධිපතිවරයා සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය අතර අද පැවැත්විමට නියමිත සාකච්ජාවේ ප්‍රතිපලය අනුව ඉදිරියේදි පක්ෂ දෙක අතර පැවැත්වෙන සාකච්ජා වටය සම්බන්ධයෙන් තීරණයක් ගැනිමට නියමිත බවද සඳහන්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button