BREAKING NEWSEXCLUSIVE
ශ්රීලනිපයේ ඉහළම තනතුරකට ගෝඨා යෝජනා කෙරේ

ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගන්නැයි එම පක්ෂයෙන් ආරාධනාවක් ලැබී තිබේ.
ඒ එම පක්ෂයේ ඉහළම තනතුරකටය. ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්රීලනිප සාමාජිකත්වය ලබා ගන්නැයි මින් පෙරද ආරාධනා කර තිබුණද ඔහු මෙතෙක් ශ්රීලනිප සාමාජිකත්වය ලබා නැත.
මේ වනවිට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ලෙස කටයුතු කරනුයේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස වන අතර දයාසිරි ජයසේකර වැඩ බලන මහ ලේකම් ලෙස කටයුතු කරයි.