හමුදා පදක්කම් පැළැද ජනපති ගෝඨා නිදහස් සැමරුමට එක්වෙයි

72 වන නිදහස් සමරු උළෙල මේ අවස්තාවේ කොළඹ නිදහස් චතුරස්රයේදී පැවැත්වෙමින් තිබේ. ‘‘සෞභායමත් රටක් – සුරක්ෂිත දේශයක්’’ යන තේමාව යටතේ මෙවර ජාතික නිදහස් දිනය සැමරේ.
මෙවර ජාතික නිදහස් දින සැමරුම් උළෙල වියදම් සීමා කරමින් සංවිධාන කර තිබීම විශේෂත්වයක් වනවා. ජනාධිපතිවරයා පැමිණීමේදී පෙර ගමන් රථ සමග අශ්වාරෝහකයින් ද පැමිණීම සාමාන්‍යයෙන් සිදුවූවක්. එහෙත් මෙවර එම අශ්වාරෝහකයින් ඉවත් කර තිබෙනවා.
පැරෂුට් ආධාරයෙන් සිදු කෙරෙන ගුවන් කරනම් ද මෙවර ජාතික නිදහස් දින සැමරුමට ඇතුළත් වන්නේ නැහැ.
මෙහිදී බොහෝ දෙනාගේ අවදානය දිනාගත් සිදුවීමක් වූයේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිල හමුදා ලාංඡන පැළැද නිදහස් දින සැමරුමට එක්වීමයි.
ධූරයෙන් විශ්‍රාමික ලුතිනන්වරයෙක් වන ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා රණශූර ආදි පදක්කම් දිනා තිබේ. අද ඔහු එම පදක්කම් හා ලාංඡන පැළැද නිදහස් සැමරුමට එක්වුනා.
මෙලෙසට හමුදා නිල වර්ණ සහිතව ජනපතිවරයෙක් ශ්‍රී ලංකාවේ නිදහස් උළෙලට එක්වූයේ පළමු වරට වීම විශේෂයි.