BREAKING NEWSEXCLUSIVE

ජපාන රජයෙන් ලංකාවේ ඉල්ලීම් කිහිපයකටම යහපත් ප්‍රතිචාර..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ලබා ගැනිමට ජපාන අග්‍රාමාත්‍යයාවරයාගෙන් සිදුකළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී තිබේ.

අද (09) පෙරවරුවේ ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා මහතා අතර පැවැති විශේෂ හමුවේදී මේ පිළිබද සඳහන් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එමෙන්ම කොවිඩ් මර්දන වෛද්‍ය හා සෞඛ්‍ය ආරක්ෂක උපකරණ ලබාගැනිමට ජනාධිපතිවරයා සිදුකළ ඉල්ලීමට ද ජපාන රජයේ එකඟතාව පළ වී ඇති බව සඳහන් වේ.

මීට අමතරව සමුද්‍රීය අනතුරු පිළිබඳව කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබාගැනීම කෙරෙහි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම සාකච්ඡාවේදී ජපාන තානාපතිවරයාගේ අවධානයට යොමු කළ බවද සදහන්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button