BREAKING NEWSEXCLUSIVE

පෞද්ගලික අංශ සේවකයන්ට සුබ පණිවිඩයක්..

පෞද්ගලික අංශ සේවකයන් විශ්‍රාම ගැන්වීමේ අවම වයස අවුරුදු 60 ලෙස නීතිගත කිරීම සඳහා කම්කරු අමාත්‍යාංශය විසින් සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද සේවකයන්ගේ රක්ෂාව අවසන් කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ සංශෝධිත පනත් කෙටුම්පත, ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමටද නියමිතයි.

මෙම පනත ක්‍රියාත්මක වන දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වන සේවකයන් සඳහා විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 57 දක්වා සහ වයස අවුරුදු 52ට අඩු සේවකයන් සඳහා විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමටද නිර්දේශ කරමින් පනත ඉදිරිපත් කිරීමට නියමිතයි.

පෞද්ගලික අංශ සේවකයන්ගේ විශ්‍රාම ගැන්වීමේ අවම වයස මින් පෙර පැවැතියේ වයස අවුරුදු 55 ලෙසයි.

එසේම සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ නියෝගයක්පා ර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එකඟතාවය ලැබී තිබෙනවා

මෙම එකඟතා ලැබී ඇත්තේ කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button